uvaeducation2020@gmail.com

එන්න අපේ නිවාඩු කාලේ ඉස්කෝලෙට .....



දැයේ ගුරුභවතුනි, අප රටේ දරුවන්ගේ අධ්‍යනපන කටයුතු තවත් පහසු කිරීමට අප ගන්නා මෙම උත්සහයට ඔබගේ සහයෝගයත් ලබා දීමට හැකි නම් ඔබ සතු ප්‍රශ්න පත්‍ර, පාඩම් ආදිය PDF ආකාරයට අපගේ uvaeducation2020@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන-2020 අ.පො.ස උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර-2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත වීඩියෝ ඌව දීප අධ්‍යාපනික පුවත්පත් ශිෂ්‍ය ලියාපදිංචි පෝරමය FILE UPLOAD ප්‍රශ්න පත්‍ර ආකෘතිය ඔබට ස්තූතියි English Medium Papers ICT ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත් வினாத்தாள்கள்

ගණිතය පිටුව


වර්ෂ 30 කට පෙර ගණිතය ඉගැන්වීමට ගත් උත්සාහය නැවත මතක්වීමකි.  .....

බ/වියලුව ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ මා ගණිත ගුරුවරයෙකුව සිටි අවධියේ 1990 වර්ෂයේදී සිසු දරුවන් සා.පෙළ විභාගයේ ගණිත විෂයයෙන් සමත්කරවීම සඳහා ලබාදුන් ගණිතය 1 වෙනුවෙන් සැකසූ කෙටි ප්‍රශ්ණ 300 ක් අන්තර්ගත මෙම කුඩා පොත මා අතට අසු වූයේ විශ්‍රාමික දිවියේදී මාගේ පොත් ගබඩාව අස්කරන විටදීය. ස්ටෙන්සිල් කපා රෝනියෝ කර දැනට වර්ෂ 30 කට පෙර සකස් කළ මෙම පොත පරණ වුවත් මෙහි අඩංගු ගණිත ගැටළු අදටත් විභාගයට ඉලක්ක වන බැවින් කෙතරම් වලංගුදැයි ඔබම සිතා බලන්න. සිසු දරුවන් හා ගණිත ගුරුභවතුන් යම් ප්‍රයෝජනයක් ගන්නවා දැකීම සතුටකි.

ආර්.ඩී. ජයවර්ධන
විශ්‍රාමික, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
Uvaeducation බ්ලොග් කණ්ඩායමේ සම්බන්ධීකාරක









වේග පරීක්ෂණ සඳහා පිවිසෙන්න අපේ Maths School 
වෙබ් අඩවියට 

මෙම පොත ලබා ගැනීමට රූපය මත CLICK කරන්න

පසුගිය විභාග ගැටළු ඇසුරෙන් සකස් කළ ජ්‍යාමිතිය ප්‍රශ්න 374ක් ඇතුළත් නිබන්ධනයකි.
අපට මෙම වටිනා නිබන්ධනය ලබා දුන් ආර්.එම්.සී.ඩී.කරුණාරත්න මහතාට අපගේ ස්තූතිය පුද කර සිටිමු. 


පසුගිය විභාග ගැටළු ඇසුරෙන් සකස් කළ ජ්‍යාමිතිය ප්‍රශ්න 110ක් ඇතුළත් නිබන්ධනය. මෙහි පළමු කොටස ඔබට ඉහතින් DOWNLOAD කරගන්න.  
අපට මෙම වටිනා නිබන්ධනය ලබා දුන් ආර්.එම්.සී.ඩී.කරුණාරත්න මහතාට නැවතත් අපගේ ස්තූතිය පුද කර සිටිමු. 

පිටු 208කින් සමන්විත 9,10 හා 11 ශ්‍රේණි සඳහා පුවත්පත්වල පල වූ ලිපි ඇසුරින් සකස් කළ ගණිත සිද්ධාන්ත පොත .
අපට මෙම වටිනා නිබන්ධනය ලබා දුන් තාරක පුංචිහේවා මහතාටත් මෙම පුවත්පත් ලිපි සැකසූ ගුරුභවතුන්ටත් අපගේ ස්තූතිය පුද කර සිටිමු.


තාරක පුංචිහේවා මහතාගේ වෙනත් නිබන්ධන


Facebook -
Join Our Newsletter