6 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මාර්ගගත ප්‍රශ්න පත්‍රය
පරිගණකයේ වැදගත්කම
6 ශ්‍රේණිය
සැකසුම : කැලුම් කෝණාර
Speed Test
කාලය : විනාඩි 10 යි.
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- වර්තමානයේ පරිගණක භාවිත කරනුයේ,
- සියලු ම කාර්යයන් සඳහා
- ව්‍යාපාර කටයුතු සඳහා
- අධ්‍යාපන කටයුතු සඳහා
- වෛද්‍ය කටයුතු සඳහා
- ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ,
- ස්පර්ශක තිරය
- මූසිකය
- යතුරු පුවරුව
- මුද්‍රණ යන්ත්‍රය
- ආදාන හා ප්‍රතිදාන දෙක ම සිදුකළ හැකි උපක්‍රමයක් වන්නේ,
- යතුරු පුවරුව ( keyboard)
- තීරුකේත කියවනය( barcode reader)
- ස්පර්ශක තිරය (touch screen)
- මෙහෙයුම් යටිය ( Joystick)
- පරිගණකයක ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ
- නිරවද්‍යතාවය
- වේගය හා කාර්යයක්ෂතාව
- පිරිවැය වැඩිවීම
- ආචයන ධාරිතාව වැඩිවිම
- නිහිත (embedded) පරිගණක පද්ධති සහිත උපකරණය නොවන්නේ
- නූතන රූපවාහිනි
- බයිසිකලය
- රෙදි සෝදන යන්ත්‍රය
- ජංගම දුරකථනය
- ආදාන උපක්‍රමයක් වන්නේ,
- පරිගණක තිරය
- ස්පීකරය
- මුද්‍රණ යන්ත්‍රය
- යතුරු පුවරුව
- සන්නීවේදන උපක්‍රමයක් වන්නේ,
- ආලෝක පෑන
- ස්කෑනරය
- රවුටරය
- යතුරු පුවරුව
- බාහිර ආචයන උපක්‍රමයක් නොවන්නේ
- සංගත තැටිය
- සසම්භාවි පිවිසුම් මතකය
- බ්ලුරේ තැටිය
- පෑන් ධාවකය
- පරිගණකයක සැකසීම සිදුවන්නේ,
- මධ්‍ය සැකසුම් ඒකකය තුළ ය.
- ආචයන උපක්‍රම තුළ ය.
- පරිගණක තිරය තුළ ය.
- ප්‍රධාන මතකය තුළ ය,
- පරිගණකයේ මූලීක කාර්යය පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ,
- සැකසීම , ආදානය , ප්‍රතිදානය
- ප්‍රතිදානය , සැකසීම , ආදානය
- ප්‍රතිදානය , ආදානය , සැකසීම
- ආදනය , සැකසීම , ප්‍රතිදානය
Subscribe to:
Posts (Atom)