පැස්කල් මාර්ගගත පරීක්ෂණය
( සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -2020
සැකසුම : කැලුම් කෝණාර
Programing Concept
Speed Test
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- පැස්කල් භාෂාවේ යොදා ගැනෙන, උඩු කොමා තුළ (‘ ‘) දක්වනු ලබන දත්ත ප්‍රරූප ඇතුළත් පිළිතුර කුමක්ද?
- Integer, Real
- Real, String
- Char, String
- Integer, Char
- Var marks : array [0…9] of integer; යන ඒකමාන අරා (Array) අර්ථ දැක්වීමට අනුව නිවැරදි පිළිතුර කුමක්ද?
- පූර්ණ සංඛ්‍යාත්මක අගයන් 10 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- දශමය සංඛ්‍යාත්මක අගයන් 10 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- පූර්ණ සංඛ්‍යාත්මක අගයන් 9 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- දශමය සංඛ්‍යාත්මක අගයන් 9 ක් ඇතුළත් කළ හැකි marks නම් වූ අරාව සෑදේ.
- ඉහළ තලයේ පරිගණක භාෂාවක් (High level languages) සඳහා උදාහරණයක් අඩංගු නොවන පිළිතුර කුමක් ද?
- FORTRAN භාෂාව
- PASCAL භාෂාව
- BASICභාෂාව
- ASSEMBLY භාෂාව
- භාෂා පරිවර්තන මෘදුකාංගයක් නොවන්නේ
- Compiler
- Assembler
- Interpreter
- Debugger
- පහත සඳහන් හඳුන්වන අතරින් වැරදි හඳුන්වනයක් වන්නේ කුමක්ද ?
- Program M54;
- Program Mark_Sheet;
- Program Loopuntil;
- Program 2K;
- විචල්‍යක තනි අකුරක් ගබඩා කිරීම සඳහා වඩාත් සුදුසු දත්ත ප්‍රරූපය වන්නේ,
- Char
- Integer
- Letter
- String
- Marks:Array [1..5] of Real; මෙම අරාව සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද ?
- Array name (අරාවේ නම) marks ය.
- Array Length (අරාවේ ප්‍රමාණය) 6 කි
- අරාවේ පොදු දත්ත ප්‍රරූපය වන්නේ Real ය
- Upper Boundry (අරාවේ ඉහළ සීමව) 5 කි.
- මුලු ක්රමලේඛයකයම එකවර යන්ත්‍ර භාෂාවට හරවන මෘදුකාංගය වන්නේ,
- Compiler
- Interpreter
- Translater
- Assembler
- පහත සඳහන් ව්‍යාජ කේතය සලකන්න.
if average>70 then
if Sport_colour='True' then
Allrounder_award='True'
end if
end if
ඉහත දක්වා ඇති ව්‍යාජ කේතයේ තර්කයට පහත සඳහන් කවරක් තුල්‍ය වේ ද?- average>70 AND Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
- average>70 OR Sport_colour='True' වේ. එවිට Allrounder_award='True' වේ.
- average>70 Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
- Sport_colour='True' නම්, එවිට Allrounder_award='True' වේ.
- ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වගන්ති/වගන්තිය මොනවාද ?
A - යන්ත්‍ර භාෂාවල භාවිත කරන්නේ පරිගණකයට තේරුම් ගතහැකි ද්විමය සංඛ්‍යාංක බිටු [binary digitals (bits) ] පාදක උපදෙස් ය.
B - යන්ත්‍ර කේතයෙහි ( machine code) සංකේතාත්මක නිරූපණයක් භාවිත කරන එසෙම්බලි භාෂාව (Assembly language) යන්ත්‍රය මත රඳා පවතින පහළ මට්ටමේ භාෂාවකි.
C - උසස් මට්ටමේ භාෂාවන් (high level programing languages) යන්ත්‍රයෙන් ස්වායත්ත වේ.- A පමණි.
- A හා C පමණි.
- B හා C පමණි.
- A,B හා C සියල්ල ම
Subscribe to:
Posts (Atom)