Internet & email
( සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -2020
සැකසුම : කැලුම් කෝණාර
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
speed Test
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- අන්තර්ජාලය පිළිබඳව අසත්‍ය වන්නේ පහත සඳහන් කවරක්ද ?
- එය කිසිවකුට අයත් නොවේ.
- එහි මධ්‍යගත පාලනයක් නැත.
- එය පරිගණක ජාලවල ජාලයකි.
- එයින් ලබා ගත හැකි සියලුම තොරතුරු අතිශය නිරවද්‍යතාවයෙන් හා ඉහළ විශ්වාසනීයත්වයකින් යුක්ත වේ.
- පහත ඒවායින් සෙවුම් යන්ත්‍රයක් (Search Engine) වන්නේ කුමක් ද?
- Outlook Express
- Internet Explorer
- Google Chrome
- අන්තර්ජාලයට පිවිසීමේ සේවා සපයනු ලබන සමාගම හැඳින්වෙන්නේ කුමන නමකින් ද?
- Server
- Client
- ISP
- Teleshop
- http://www.doenets.lk යනු කුමක් සඳහා නිදසුනක් ද?
- සේවා දායකයක්
- ඒකීය සම්පත් නිශ්චායකයක්
- ජාලයක ප්‍රවේශ කේතයක්
- ආයතනයක විද්‍යුත් තැපැල් ලිපිනයක්
- පරිගණක ජාලයක මුරපදයෙහි (Password) අරමුණ වන්නේ
- මහජනතාවට එයට පිවිසීමට ඉඩ සැලසීමයි.
- ආරක්ෂාව සැලසීම හා පිවිසීම පාලනය කිරීමයි.
- පරිගණකයෙහි ක්‍රියාකාරකම් වේගවත් කිරීමයි.
- භාවිත කරන සියලු දෙනාට සමාන ප්රතිලාභ සැලසීමයි.
- http://www.bbc.com/sport/cricket යන ඒකාකාරි සම්පත් නිශ්චායකයෙහි (URL) වසම් නාමය පහත කුමක් මඟින් දැක්වේ ද?
- bbc.com/sport
- bbc.com/sport/cricket
- http://www.bbc.com
- bbc.com
- වෙබ් අඩවියක් නංවීම (Hosting) සඳහා අත්‍යාවශ්‍ය නොවන්නේ පහත සඳහන් කවරක් ද?
- වෙබ් අතරික්සුව
- වෙබ් සේවාදායකය
- IP ලිපිනය
- වෙබ් අඩවියේ අන්තර්ගතය
- තම මිතුරකුට විද්‍යුත් තැපෑලක් යතුරු ලියනය කරමින් සිටිය දී සිදු වු අත්වැරද්දකින් රාජන් අතින් විද්‍යුත් තැපෑල් යෙදුම වැසී ගියේ ය. තමාගේ අවසන් නොකරන ලද විද්‍යුත් තැපෑල ඔහු සොයා ගත යුතු වන්නේ කුමන ෆොල්ඩරයෙන් ද?
- Draft
- Inbox
- Sent
- Trash
- "http://www.doenets.lk/exam" යන URL එක සලකා බලන්න. මෙහි "doenets.lk" යනු,
- වසම් නාමය වේ.(domain name)
- අධි පාඨ තැන්මාරු නියමාවලිය (HyperText Transfer Protocol)
- අදාළ සම්පත් ද්‍රව්‍ය ඇති ස්ථානයේ පථය වේ.
- සම්පත් ද්‍රව්‍ය වේ. (resource)
- අදාළ URL එක නොදන්නා විට, වෙබ් අඩවියක ඇති තොරතුරක් සොයා ගැනීමට පහත සඳහන් කුමක් භාවිත කළ හැකි ද?
- සෙවුම් යන්ත්‍රය (Search Engine)
- ගොනු තැන්මාරු නියමාවලිය (FTP)
- විද්‍යුත් තැපෑල් සේවාදායකය (Email server)
- වසම්නාම සේවා දායකය( Domain Name Server)
- පුද්ගලයකු තම ATM කාඩ්පත ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයකට ඇතුලත් කොට තම පුද්ගලික හැඳුනම් අංකය (Pin code) යන්ත්‍රයට ලබා දෙයි. අනතුරුව ඔහු ලබාගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දේ. ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරිකිෂීමෙන් අනතුරුව ATM යන්ත්‍රය මඟින් මුදල් ලබා දීම, ශේෂය යවත්කාලිීන කිරීම හා නව ශේෂය දැක්වීම සිදු කරයි.
ඉහත සිද්ධියට අදාළ 'ආදානයක්', 'ක්රියාවලායක්', හා 'ප්‍රතිදානයක්' පිළිවෙළින් දක්වා ඇත්තේ පහත කවරක ද ?- ලබගත යුතු මුදල, නව ශේෂය , මුදල
- ලබාගත යුතු මුදල, ශේෂය යාවත්කාලීන කිරීම, නව ශේෂය
- නව ශේෂය, පුද්ගල හැඳුනුම් අංකය, ලබා ගත යුතු මුදල
- ශේෂය යාවත්කාලීන කිරීම, පුද්ගල හැඳුනුම් අංකය, නව ශේෂය
- ස්ථානීය ප්‍රදේශ ජාල (LAN) පිළිබඳව පහත සඳහන් ඒවා අතුරෙන් සත්‍ය නොවන්නේ කුමක් ද?
- භුගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයක ව්‍යාප්ත වීම.
- සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ අයත් වීම.
- විවිධ අතුරු මුහුණත් (inteface) සහිත හවුලේ භාවිත වන සන්නිවේදන මාධ්‍යය සමූහයකින් යුක්ත වීම.
- සාමාන්‍යයෙන් බසය, තරුව සහ මුදුව යන මුලීක ස්ථලක(Topologies) වලින් සමන්වීත වීම.
- දුම්රිය මාර්ගයක තනි ධාවන පථයක් සහිත උමඟක් තුළීන් දුම්රිය දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවකට ධාවනය වීම නිදසුනක් ලෙස ගත හැක්කේ, දත්ත නාලිකාවක් තුළින් සිදුවන
- ඒකපථ(simplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා ය.
- අර්ධ ද්විපථ(half duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා ය.
- පුර්ණ ද්විපථ(full duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා ය.
- සෘජු ලක්ෂ්‍යය(point to point) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා ය.
- අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයට ම අනන්‍ය වු ලිපිනයක් ඇති අතර එය හඳුන්වනු ලබන්නේ,
- IP ලිපිනය සෙල ය.
- විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස ය.
- URL ලෙස ය.
- වසම් නාමය (Domain Name) ලෙස ය.
- පහත සඳහන් කුමන පිළිතුරෙන් http://moodle.scnet.lk/local/index.html හි නියමාවලි (protocol) කොටස පෙන්වන්නේ ද?
- index.html
- .html
- http
- moodle.scnet.lk
- 172.217.27.4 යන IP ලිපිනයෙහි www.google.com වෙබ් අඩවිය පවතින්නේ නම් google අඩවියේ IP ලිපිනය සොයා ගැනීම සඳහා පහත සඳහන් කුමක් භාවිත කරයි ද?
- DNS සේවාදායකය
- තැපැල් සේවාදායකය (mail server)
- වසම් සේවා දායකය(domain server)
- වෙබ් සේවාදායකය (web server)
- පුද්ගලයකුට 200MB ගොනුවක් අන්තර්ජාලය හරහා තවත් පුද්ගලයකුට යැවිය යුතුව ඇත. මේ සඳහා යෝග්‍ය වන්නේ පහත දක්වා ඇති කවර ක්‍රම ද?
A - එය විද්‍යුත් තැපැල් (e-mail) ලිපිනයකට අමුණා යැවීම.
B- ගොනුව යැවීමට FTP සේවාව භාවිතය.
C- Google drive වැනි මාර්ගගත ආචයන ධාවකයක් (online storage drive) භාවිත කර අදාළ සම්බන්ධකය (link) යැවීම.- A හා B පමණි
- A හා C පමණි
- B හා C පමණි
- A,B හා C සියල්ල ම
- රූපවාහිනි විකාශය කුමන සන්නිවේදන විධියකට උදාහරණයක් ද?
- ඒක පථ (simplex)
- අර්ධ ද්විපථ ( half duplex)
- පුර්ණ ද්විපථ (full duplex)
- සෘජු ලක්ෂ්‍ය (point to point)
- TCP/IP යනු කුමක් ද?
- ගොනු හුවමාරුව
- ලිපින හුමමාරුව පාලනය කිරීම
- ලේඛන හුවමාරුව
- විද්‍යුත් තැපැල් හුවමාරුව
- නිවැරදි IP ලිපිනය වන්නේ
- 127.256.1.0
- 192.168.1.2
- 192.256.12.7
- 127.23.123
Subscribe to:
Posts (Atom)